එංගලන්තයේදී හදිසියේ මියගිය ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයා


 එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වූ ලාංකිකයක් එරට ක්‍රීඩාංගණයකදී පුහුණුවීම්වල යෙදෙමින් සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කිරිමෙන් පසුව මියගොස් ඇති බව එම පුද්ගලයාගේ ඥතීහු
පවසති.
මෙලෙස

මියගොස් ඇත්තේ නයිනමඩමේ පදිංචිව සිට වසර කීපයක සිට ලන්ඩන් නුවර ජීවත් වූ රොෂාන් සුරංග පෙරේරා තැමති 43 හැවිරිදි අයෙකි. සුරංග පාසල් සමයේ හා ඉන්පසුව යෞවන සමාඡ හා ඡාතික තලයේ දක්ෂතා දැක්වූ දක්ෂ ධාවකයෙක් වූ අතර රැකියාව සඳහා පළමුව ඉතාලියටත් පසුව එංගලන්තයටත් සංක්‍රමණය වූ අයෙකි.
 සති දෙකට පෙර එංගලන්තයේ ලන්ඩන් නුවර ඔහු සිය පවුලේ සාමාජිකයන් සමග ජීවත්වන නිවස අසල පිහිටි ක්‍රීඩාංගයක ධාවන පුහුණුවීම්වල යෙදී සිටියදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඉකුත් 23 වැනිදා මියගොස් ඇති බව ලන්ඩන් ආරංචි මාර්ග පවසයි.
මියගිය රෝෂාන් සුරංග මහතාගේ අවසන් කටයුතු එරටදීම සිදු කිරීමට නියමිත බව ඔහුගේ ඥාතීහු පැවසූහ.

නයිනමඩම චන්දන ප්‍රනාන්දු

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment