A/L සයන්ස් C 2යි S1 ක් නැතිනම් මෙඩිසින් බෑ - ඇමති විජේදාස


පසුගිය කාලයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල සදහා බදවාගැනීම ගැන විශාල වශයෙන් ඇතිවූ කතාබහේදී උසස්
පෙළ අවම සුදුසුකම් ගැනද

විවිධ සීමාකම් කතාවූ අතර රජයේ සහ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියක් නීතිගත කිරීමට  උසස් අධ්‍යාපන  අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව දැනට වෛද්‍ය විද්‍යාව සඳහා ඇති අවම අධ්‍යාපන සුදුසුකම සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් වන අතර ඉදිරියේදී එය සම්මාන සාමාර්ථ (C)දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (S) ලෙස නීතිගත කිරීමට නියමිතය.

මීට පෙරද මෙම යෝජනාව ගැසට් මගින් ප්‍රකාශයට පත්වුවද එය පාර්ලිමේන්තුවේදී නීතියක් ලෙස සම්මත නොවී තිබීමේ වාසිය සයිටම් වැනි ආයතන ලබාගෙන තිබුණි.
මෙම යෝජනාව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් පාර්ලිමේන්තු අනුමැතියට යොදවන බවත් ඇමතිවරයා පවසා ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment