හම්බන්තොට තරුණයාගේ අයියාත් අක්කාත් අත්අඩංගුවට

හම්බන්තොට තරුණයාගේ අයියාත් අක්කාත් අත්අඩංගුවට

පසුගිය 05වැනිදා හම්බන්තොට, බඳගිරියේදී සිදුවූ වී සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ස්ථානයෙන් පැනයාමෙන් පසුව නීත්‍යානුකූල දඬුවමකින් ආවරණය කිරීමේ අදහසින් සැකකරු රඳවා තබා ගැනීම, රැකවරණය ලබාදීම, රජයේ සේවකයින්ට අසත්‍ය ප්‍රකාශ දීම යන චෝදනා සම්බන්ධයෙන් එම සැකකරුගේ වැඩිමහල් සොහොයුරා හා සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

හම්බන්තොට පොලිස් අත්අඩංගුවේදී සිටියදී අතුරුදන් වූ බව කියූ මෙම තරුණයා පසුව මාතර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් මාර්ගයෙන් පොලීසියට බාරවී තිබිණ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment