ලොව හොඳම ජනපති මෛත‍්‍රී කියා ව්‍යාජ ප‍්‍රචාරයක්



මේ දිනවල සමාජ වෙබ් අඩවිවල මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලොව හොඳම ජනපති කියා බොරු ප‍්‍රවෘත්තියක් එංගලන්තයේ සුප‍්‍රකට ගාඩියන් පුවත්පතේ පළවූ ලිපියක් යයි සිතා උපුටමින් පැතිරෙමින් තිබේ.
එය ප‍්‍රචාරය සඳහා දායකවන වෙබ් අඩවියේ ලිපිනය වන්නේ

http://ift.tt/2cMEywD

බැලූ බැල්මට නම් එය ලොව ප‍්‍රකට ගාර්ඩියන් වෙබ් අඩවිය රැවටුනද එහි  ඉංග්‍රීසි i අකුර වෙනුවට යොදා ඇත්තේ අංක 1 ඉලක්කමයි.

මෙවැනිම පිටු සකසා ලොව පුරා තවත් ජනපතිවරුන් උපහාසයට නගන්නට බොරු පුවත් මවමින් එම වෙබ් අඩවියේ සකසා තිබෙන බවට නිරීක්ශනය වී තිබේ.

එවායේ යොමු පහත දැක්වේ. එම ජනපතිවරුන්ද මෙම වසරේම හොඳම ජනපති ලෙස පෙන්වීම මෙම බොරු ප‍්‍රචාරය තවත් ස්ථිර කරයි.

http://ift.tt/2dd8akF
http://ift.tt/2cMEs80
http://ift.tt/2dd8Gzn

තොරතුරු – චිරන්ත අමරසිංහ

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment