වියළි කාලගුණය තවදුරටත්

වියළි කාලගුණය තවදුරටත්

දිවයිනට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරයි.

කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණ යන පළාත්වල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති විය හැකි බවත් ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති ‍‍‍වීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (20) අලුයම 5.30ට නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වෙයි. 

එසේම දකුණු , බස්නාහිර සහ සබරගමුව  පළාත්වල සහ දකුණු මුහුදු ප්‍රදේශයේ විටින් විට තද සුළං බලාපොරොත්තුවිය හැකි බවත් එහි වේගය පැ.කි.මී. 60 පමණ වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment