කුලසේකරගේ රියට යට වූ තරුණයාගේ පවුලට ක්‍රිකට් ආයතනයෙන් ලිපියක්

කුලසේකරගේ රියට යට වූ තරුණයාගේ පවුලට ක්‍රිකට් ආයතනයෙන් ලිපියක්

ක‍්‍රිකට් ක‍්‍රීඩක නුවන් කුලසේකර මහතාගේ වාහනයේ ගැටීමෙන් කඩවත, රන්මුතුගලදී මියගිය තරුණයාගේ පවුලේ ඥාතීන්ට ශෝකය පළ කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

නුවන් කුලසේකර මහතා මහනුවර සිට කොළඹට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් බස් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී පාලනය කරගැනීමට නොහැකි වී නුවන් කුලසේකර මහතාගේ වාහනයේ ගැටී ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු නුවන් කුලසේකර මහතාව පසුව අධිකරණ ඇප මත මුදාහැරියේය.

ක්‍රිකට් ආයතනයේ නිවේදනය පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment