උසාවියට යන අතරතුර අත් පා කපලා - වෙන්වුණු ඇඟිලි බද්ධ කිරීමට හදිසි සැත්කමක්

උසාවියට යන අතරතුර අත් පා කපලා - වෙන්වුණු ඇඟිලි බද්ධ කිරීමට හදිසි සැත්කමක්

මොරටුව අධිකරණයට යමින් සිටියදී අත් පා හා ගෙලෙහි බරපතල කැපුම් තුවාල සිදු කළ බව කියන පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ඔහුගේ වම් අතේ කැපී වෙන්වුණු ඇඟිලි බද්ධ කිරීමේ සැත්කම විශේෂඥ ශල්‍ය වෛද්‍ය යසස් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් විසින් ආරම්භ කරනු ලැබූ බව රෝහල් ආරංචි මාර්ග පැවසී ය.

ප්‍රදීප් නමැති එම පුද්ගලයාගේ අත් පා වල දරුණු කැපුම් තුවාල ඇති බවත් මන්නයක් වැනි ආයුධයකින් ඒවා කැපී ඇති බව පෙනී යන බවත් පොලිසිය පවසයි.

අද පෙරවරුවේ අධිකරණයේ විභාග වන නඩුවකට සහභාගී වීම සඳහා යමින් සිටි මෙම පුද්ගලයා මෙලෙස පහරකෑමට ලක්ව ඇතැයි වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment