පොලිස් වැටලීමකදී අයෙක් කැළණි ගඟට බිලිවෙයි

පොලිස් වැටලීමකදී අයෙක් කැළණි ගඟට බිලිවෙයි

නීති විරෝධී පතල් කැණීමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට බියෙන් පළාගිය පුද්ගලයෙකු කැලණි ගඟට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඊයේ (19) පස්වරුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ නීති විරෝධී පතල් කැණීමක් වැටලීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇති අතර එහිදී එම ස්ථානයේ සිටි පුද්ගලයින් පොලීසියට බියෙන් පලාගොස් තිබේ.

ඉන් එක් අයෙකු මෙසේ කැලණි ගඟට වැටී ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රදේශවාසීන් විසින් එම පුද්ගලයා බේරාගෙන අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී අද (20) උදෑසන මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment