එක්නැලිගොඩ නඩුව: ඇප හිමිවූ බුද්ධි අංශයේ සිව්දෙනා යළි රිමාන්ඩ් 

එක්නැලිගොඩ නඩුව: ඇප හිමිවූ බුද්ධි අංශයේ සිව්දෙනා යළි රිමාන්ඩ් 

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ නඩු විභාගයේ දී අවිස්සාවේල්ල මහාධිකරණය මගින් ඊයේ (19) ඇප ලබාදුන් විත්තිකරුවන් සිව්දෙනාගේ ඇප නියෝග මෙතෙක් හෝමාගම අධිකරණයට ලැබී නැති බව කියමින් ඔවුන් යළි රිමාන්ඩ් භාරයේ තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(20) නියෝග කළේය.

ඒ අනුව යළි ලබන 22 වැනිදා ඔවුන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

ඔවුන් සිව්දෙනාට අමතරව නඩුවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි තවත් සිව් දෙනකු අද උසාවියට ගෙන එනු ලැබූහ.

ලුතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් නොහොත් රවී සහ සැරයන් දංගහගමරාළලාගේ තරංග ප්‍රසාද් ගමගේ යන විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ඊයේ(19) නියෝග කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment