යෝෂිතගේ ඉඩමට මැනුම් නිලධාරීන් යයි - යෝෂිත හා මිත්තණිය ඉඩමට නොඑයි 

යෝෂිතගේ ඉඩමට මැනුම් නිලධාරීන් යයි - යෝෂිත හා මිත්තණිය ඉඩමට නොඑයි 

යෝෂිත රාජපක්ෂට අයත් දෙහිවල, මිහිදු මාවතේ පිහිටි රුපියල් මිලියන 50ක් පමණ වටිනා ඉඩමේ මැනුම් කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ අද(20) දින යෝෂිත රාජපක්ෂ හෝ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් ඇතුළු විත්ති පාර්ශවයේ කිසිවෙකු නොපැමිණි බව වාර්තා වේ.

අධිකරණ නියෝගයක් මත අදාළ ඉඩමෙහි මැනුම් කටයුතු අධීක්ෂණය සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක්ද අද උදෑසන 10ට පමණ එම ස්ථානයට පැමිණ සිටි බව වාර්තා වේ. 

අදාළ ගැටළුකාරී ඉඩමෙහි මැනුම් සිදුකරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය පසුගිය 15 වන දා නියෝග කළේය. ඒ සඳහා අවශ්‍ය ලිපිලේඛන රැගෙන එන ලෙස මහේස්ත්‍රාත්වරිය යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණිය වන ඬේසි ෆොරස්ට් මහත්මියටද නියෝග කළේය. 

මැනුම් කටයුතු සිදුකිරීම සඳහා මිනුම්දෝරු දෙපාර්මේන්තුවේ සහ මිනුම්දෝරු අධිකාරියේ නිලධාරීන් 6 දෙනෙකු ද අදාළ ඉඩම වෙත පැමිණ තිබේ.

කෙසේ වෙතත් පැය දෙකක පමණ කාලයක් බලා සිටි නමුදු විත්ති පාර්ශවයේ කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් ඒ පිලිබදව අධිකරණයට වාර්තා කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කටයුතු කර ඇත.

අධිකරණ නියෝගයක් කඩ කිරීම පිළිබඳව මෙලෙස අධිකරණය වෙත වාර්තා කරන බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ආරංචි මාර්ග පවසයි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment