කරදියවර මංගල්‍යයේ මූල්‍ය අක්‍රමිකතාව ගැන විමර්ශන අවසන් 

කරදියවර මංගල්‍යයේ මූල්‍ය අක්‍රමිකතාව ගැන විමර්ශන අවසන් 

හම්බන්තොට වරායේ කරදියවර මංගල්‍යයේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සිදුකරන විමර්ශන කටයුතු අවසන් කර තිබේ.

ඒ අනුව එහි විමර්ශන වාර්තාව සකස් කර එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.

සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා සහ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද(23) දිනයේ ද කොමිසම වෙත පැමිණියේය.

මීට පෙර අවස්ථා කිහිපයකදීද ඔවුන් දෙදෙනා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණි.

පසුගිය රජය සමයේ ඉදිකළ හම්බන්තොට වරායට ජලය පිරවීම සඳහා පැවැති කරදියවර මංගල්‍යයට සහ වරාය විවෘත කිරීමේ උත්සවයට රුපියල් ලක්ෂ 1380ක මුදලක් වැය කර ඇතැයි වාර්තාවේ.

වරායේ වාර්ෂික අයවැය ලේඛණයට පටහැනිව සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙම උත්සව සඳහා මුදල් වියදම් කර ඇති බවට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විමර්ශන ආරම්භ කර තිබිණි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment