හත් කෝටියක් අවභාවිතා කළැයි ප්‍රසන්න රණතුංගට චෝදනාවක්

හත් කෝටියක් අවභාවිතා කළැයි ප්‍රසන්න රණතුංගට චෝදනාවක්

බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ප්‍රධාන නිලධරයන් තිදෙනෙකු පළාත් සභා මුදල් හත්කෝටියක් අවභාවිතා කළැයි බස්නාහිර විපක්ෂ නායක මංජු ශ්‍රි අරංගල ඇතුළු මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරික්ෂණ අරඹා ඇත.

එම ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක එම් ඩී ඩී පී ගුණතිලක මහතා ඊයේ (22) මංජු ශ්‍රී අරංගල ඇතුළු පළාත් සභා මන්ත්‍රීන් හය දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

දැනටම තවත් 15 දෙනෙකුගේ ප්‍රකාශ ලබා ගෙන ඇතැයිද ප්‍රධාන ඇමැතිවරයා කොළඹ, ගම්පහ හා කළුතර ව්‍යාපෘති 333ක් මෙම මුදල් යොදා ඇතැයිද දැන ගන්නට ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment