යුද්ධෙට ගියා නම් මමත් ඔයිට වඩා හො‍ද පොතක් ලියනවැයි සරත් විජේසූරිය කියා නෑ

පසුගියදා පළවූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ නමැති විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් රචනා කළ ග්‍රන්ථය ගැන අදහස් දක්වමින් මහාචාර්ය සරත් විජේසූරිය කළැයි කියන ප්‍රකාශයක් මුළුමණින්ම ගොතා
පළ කරන ලද්දක් බවත් මහාචාර්යවරයා අපහසු තාවයට ලක්කිරීමේ අරමුණින් කිසිවෙකු ෆේස් බුක් භාවිතයෙන් ‘නිර්මාණාත්මකව මඩ ප්‍රහාරයක්‘ ලෙස එය ප්‍රසිද්ධ කර ඇති බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
විශ්‍රාමික මේජර් ජනරාල්වරයාගේ ග්‍රන්ථය අලෙවි වාර්තා තබමින් විකිණෙන කාලයේ මෙම මඩ

ප්‍රහාරය සැලසුම් සහගතව මහාචාර්යවරයාගේ නම ඈදාගනිමින් දේශපාලන අරමුණකින් ක්‍රියාත්මක ෆේස්බුක් පිටුවක් මගින් විසුරුවා හැර ඇත. එහිදී කියැවුනේ ‘යුද්ධෙට ගියා නම් මමත් ඔයිට වඩා හො‍ද පොතක් ලියනවැ‘යි සරත් විජේසූරිය මහාචාර්යවරයා කියා තිබූ බවකි.
මෙම ආකාරයේ වැරදි පුවතක් පළ කර ඇත්තේ කිසිදු තැනක තමා නොකියූ දෙයකින් බවත් හැකි නම් එවැනි ප්‍රකාශයක් තමා කියූ තැනක් සදහන් කර ඔප්පු කර පෙන්වන ලෙසත් ඉල්ලා සිටින මහාචාර්යවරයා විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙතද ලිපියක් යොමු කර දන්වා ඇත්තේ වැරදි වැටහීම් ඇතිනොකර ගන්නා ලෙසයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment