ජවිපෙ ලොකු පිම්මකට සැරසෙයි: පෙරළිය වෙනුවෙන් පෙරමුණක් (VIDEO)  

ජවිපෙ ලොකු පිම්මකට සැරසෙයි: පෙරළිය වෙනුවෙන් පෙරමුණක් (VIDEO)  

2020 මහ මැතිවරණයේදී කරට කර සටනක් දී ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවන බවත් ඒ සදහා ලොකු සැලැස්මක් සකසා ඇති බවත් එම පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූයේ අම්පාර - ලාහුගල ප්‍රදේශයේ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි.

ඊට අවශ්‍ය ජනබලය ගොඩනැගීමට සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් පෙරළිය වෙනුවෙන් පෙරමුණු ගොඩනැගීම එහි අරමුණ බවත් කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ගමේ යූඑන්පීකාරයා, ශ්‍රීලංකාකාරයා කියලා බෙදුවා. යූඑන්පී ආණ්ඩුවක් ගන්නකොට ශ්‍රීලංකාකාරයගේ ගෙට ගල් ගැහුවා. හූ කිව්වා. ටාන්සර් කළා. ශ්‍රීලංකාකාරයා යූඑන්පීකාරයා ගැන වෛරයක් ඇති වුණා. අපි පංතිය බෙදුවා. හැබැයි ඒගොල්ලෝ බෙදුනේ නෑ. එකට පාටි දානවා.“ යැයිද ඔහු සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment