දරුණු ගණයේ අපරාධ රැසකට සම්බන්ධව සැඟවී සිටි අපරාධකරුවෙකුවන "ජෝන් සීනා" නමින් හඳන්වන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
මොහු දෙමටගොඩ චමින්දගේ ගෝලයකුවන බවයි වාර්තා වන්නේ.
දෙමටගොඩ ප්රදේශයේ ඇති චමින්දගේ නිවෙසේ සැඟව සිටි ඇති ජෝන් සීනා, දෙමටගොඩ චමින්ද සිරගත වීමෙන් පසු කඩවතට පැමිණ ඇති බවට පොලිස් බුද්ධි අංශයට තොරතුරු ලැබී ඇත.
කැලණිය කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය සිදු කළ මෙහෙයුමකින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඒ අනුව යි.
ජෝන් සීනා නමැති මොහු 35 වියැති විවාහක පුද්ගලයෙක්.
0 comments :
Post a Comment