පොලිස් ලොක්කන්ට අගමැතිගෙන් හදිසි කැඳවීමක්

පොලිස් ලොක්කන්ට අගමැතිගෙන් හදිසි කැඳවීමක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ‍පොලීසියේ ඉහළ නිලධාරීන් සියලු දෙනාම මේ සතියේ අරලියගහ මන්දිරයට කැඳවා ඇතැයි වාර්තා වේ. 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව ශ්‍රී ලංකා ‍පොලීසියේ ඉහළම නිලධාරීන් සියලු දෙනා හදිසියේම මෙලෙස අරලියගහ මන්දිරයට කැඳවීමට නියමිතය.

පූජිත් ජයසුන්දර මහතා ‍පොලිස්පති ධුරයට පත්වීමෙන් පසු මාස හතරක කාලය තුළ ශ්‍රී ලංකා ‍පොලීසියේ ඇති වූ ප්‍රගතිය පිළිබඳව මේ කැඳවීමේදී අගමැතිවරයා සෘජුවම කරුණු විමසීමට තීරණය කර ඇත.

ඊට අමතරව ‍පොලීසිය සම්බන්ධයෙන් බිඳී ගොස් තිබූ ජනතා විශ්වාසය යළි ගොඩනැගීම සඳහා ‍පොලිස්පතිවරයා ගත් පියවර ද මේ කැඳවීමේදී අගමැතිවරයා විසින් සමාලෝචනය කිරීමට අපේක්ෂිතය.

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද ‍පොලිස්පතිවරයා ප්‍රමුඛ ඉහළ නිලධාරීන් කැඳවන අවස්ථාවට සහභාගි වීමට නියමිතය. 

එසේම අපරාධ සම්බන්ධ සියලු වාර්තා සෘජුවම අමාත්‍යාංශ ‍ලේකම්වරයා වෙත ලබා දෙන ලෙසටද ඉහළ ‍පොලිස් නිලධාරීන් වෙත අමාත්‍යාංශයෙන් ඔවුන් වෙත උපදෙස් ද නිකුත් වී ඇතැයි වාර්තා වේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment