ලොව ප්‍රථම දෙමුහුන් දරුවා බිහිකරයි

ලොව ප්‍රථම දෙමුහුන් දරුවා බිහිකරයි

ජාන තාක්ෂණයේ නව පිම්මක් ඉදිරියට තබමින් ලොව ප්‍රථම වරට මවගේත් පියාගේත් ජාන පරිත්‍යාගශීලියෙකුගේ ජානත් සමඟ මුසුකොට සාර්ථක දරු උපතක් සිදු කිරීමට අමෙරිකාවේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබේ.

අමෙරිකාවේ වෛද්‍යවරුන් පිරිසක් මෙක්සිකෝවට ගොස් මෙම පර්යේෂණය සිදුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජෝර්දාන කාන්තාවකට දාව මෙම දරුවා උපත ලබා ඇත.

එම කාන්තාවගේ පවුලට ආවේනික රෝගයක් වූ 'ලයිසින්ඩ්‍රෝම්' නම් ස්නායු සම්බන්ධ බරපතල ආබාධය නිසා සැමියාගෙන් සහ බිරිඳගෙන් පිලිසිඳගන්නා දරුවෙකු උපතේදීම මියාමට ඇති ඉඩකඩ වැඩි බව විද්‍යාඥයින් පවසා තිබේ.

ඒ හේතුව නිසාම මෙම කාන්තාවගේ කළලය මීට පෙර සිව් වතාවක්ම ගබ්සාවීමකට ද ලක්ව ඇත.

මෙම තාක්ෂණය වෛද්‍ය විද්‍යාවේ නව යුගයක් බිහිවීම සනිටුහන් කරන බවත් දුර්ලබ ජාන හේතු නිසා දරුවන් බිහිකිරීමේ ගැටළුවට මුහුණදී සිටින මව්පියන්ට මෙය පිටුවහලක් වනු ඇති බවත් විද්‍යාඥයින් පවසයි.


 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment