ගාලු ක්‍රිකට් සභාපතිගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි (VIDEO) 

ගාලු ක්‍රිකට් සභාපතිගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි (VIDEO) 

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ප්‍රේමසිරි හැලඹගේ මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා ගාල්ල ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හැලඹගේ ප්‍රේමසිරි මහතා පසුගිය අගෝස්තු මස 12 වන දින සිය නිවස ඉදිරිපිටදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබිණි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අම්බලන්ගොඩ පොලීසිය පෙරේදා දිනයේ ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් අතර ඒ අනුව සිදුකළ  පරීක්ෂණයකදී තවත් සැකකරුවෙකු ඊයේ රාත්‍රීයේ  අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ලද තොරතුරු මත ටී 56  වර්ගයේ ගිනි අවියක්, එම වර්ගයේ ජීව උණ්ඩ 12ක්, මැගසිනයක්, මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සහ එම උණ්ඩ 04ක් සහ මැගසිනයක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment