රනිල් නවසීලන්ත නිල සංචාරය අරඹයි

රනිල් නවසීලන්ත නිල සංචාරය අරඹයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 10 දෙනකුගෙන් යුත් දූත පිරිස අද (29) දහවල් 12.30ට නවසීලන්තය බලා පිටත්ව ගියේය.

නවසීලන්ත අගමැති ජෝන් කීගේ ආරාධනයක් අනුව තෙදින නිල සංචාරයක් සඳහා අගමැතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගිය අතර ශ්‍රී ලංකාවේ අගමැතිවරයෙක් ද්විපාර්ශවික සාකච්ඡා සඳහා නවසීලන්තයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයවේ.

ඔක්තෝබර් මස පළමු වන දා නවසීලන්ත රාජ්‍ය මන්දිරයේදී නිළ පිළිගැනීමේ උත්සවය පැවැත්වෙන අතර එරට අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා ඉන් අනතුරුව ආරම්භ කිරීමට නියමිතය.

නිල ව්‍යාපාරික සහ ප්‍රජා ඉසව් ගණනාවකට ද අග්‍රාමාත්‍යවරයා සහභාගීවීමට නියමිත ය.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම සංචාරයට එක් වේ.

ටී.කේ.ජී.කපිල

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment