සූර් වූ එස්අයි දෙදෙනෙක් තරුණියන් සමග පොලිස් නිවහනක

සූර් වූ එස්අයි දෙදෙනෙක් තරුණියන් සමග පොලිස් නිවහනක

යාපනය ප්‍රදේශයේ පොලිස් ස්ථානයක මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු තරුණියන් 02දෙදෙනෙක් සමඟ කතරගම පිහිටි නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන සිටියදී දකුණු පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් ඔවුන් එම නිවාඩු නිකේතනයෙන් එලවා දමා ඇතැයි වාර්තා වේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නිලධාරියෙකු යොදවා මේ පිළිබඳව විමර්ශනයක් සිදුකළ අවස්ථාවේ එම නිලධාරීන් දෙදෙනා අදාළ තරුණියන් සමඟ මත්පැන් පානය කරමින් සිටි බව ද සඳහන් වේ.

ඉන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විවාහක අයෙකු බවත් ඔහුගේ බිරිය විදේශගතවී සිටින බවත් වාර්තා වන අතර පොලිස් දෙපාර්තමේන්තුවට අයත් නිවාඩු නිකේතනයක මෙලෙස හැසිරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව පරීක්ෂණයක පැවැත්වෙන බව දැනගන්නට ලැබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment