හොර පොල් කැඩීමට ගිය අයෙක් වෙඩි වැදී මරුට (VIDEO)

හොර පොල් කැඩීමට ගිය අයෙක් වෙඩි වැදී මරුට (VIDEO)

පසුගිය 27 වනදා රාත්‍රියේ වැලිවේරිය - ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පොල් වත්තක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු හොර රහසේ පොල් කැඩීම සඳහා වත්තට පැමිණි අවස්ථාවේදී එහි මුරකරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සදහන් කළේය.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා එම පොල්වත්ත හිමිකරුගේ ඥාතියෙකු වන අතර ඔහුගේ ඥාතීන් කියාසිටින්නේ එම වත්තෙහි මුරකරුට වෙඩි නොතබන්නැයි මියගිය තැනැත්තා කියාසිටියදීත් ඔහු වෙඩිතබා ඇති බවයි.

මේ වනවිට ඝාතනය සිදුකළ 63 හැවිරිදි පොල්වත්තේ මුරකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment