නිවසට යාබද වැසිකිලියේදී දෙදරු මවට අතවර කරන්න ආ තරුණයාට බාල්දි පහර


තම නිවෙසේ බාහිරව පිහිටි වැසිකිළියට ගිය 30 හැවිරිදි කාන්තාවකට එම වැසිකිළිය තුළදී අතවර කිරීමට සූදානම් වූ 20 හැවිරිදි තරුණයකු  රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පොළ මහෙස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.

ගම්පොළ, පිහිල්ලදෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්

මෙම අතවරයට ලක්ව ඇත. ඇයගේ සැමියා විදේශ රැකියාවකට ගොස් සිටින අතර කුඩා දරු දෙදෙනකු සමඟ ඇය නිවෙසේ සිටින බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

රාත්‍රි 9.30ට පමණ ඇය නිවෙසේ ඉදිරිපිට පිහිටි වැසිකිළියට ගොස් ඇති අතර සැකකරු පැමිණ වැසිකිළියේ ‍ෙදාරට ගසා ඇය එළියට පැමිණි පසු නැවැතත් ඇය වැසිකිළිය තුළට ඇදගෙන ගොස් මෙසේ අතවර කිරීමට උත්සාහ කර ඇත.
ඇය අත තිබූ වැසිකිළි බාල්දියෙන් සැකකරුට පහරදී කෑ ගැසීම නිසා අසල නිවෙසේ සිටි ඇගේ පියා පැමිණ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අසල නිවෙසක පදිංචි එක්දරු පියකු බව පොලිසියට පැවැසීය.
ගම්පොළ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පො.සැ. රෝහිණී ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.
ගම්පොළ - මාධව බණ්ඩාර

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment