එළුඟ තමිල් විරෝධතාවයට පක්ෂ කිහිපයක සහය ලැබෙන ලකුණු

එළුඟ තමිල් විරෝධතාවයට පක්ෂ කිහිපයක සහය ලැබෙන ලකුණු

එළඹෙන 24වනදා යාපනයේදී පැවැත්වීමට නියමිත එළුඟ තමිල් නොහොත් 'දෙමළ ජනතාවනි නැගිටිව්' විරෝධතාව සඳහා දෙමළ දේශපාලන පක්‍ෂ රැසක් සහයෝගය පළ කර ඇති බව ඊ. පී. ආර්. එල්. එෆ්. පක්‍ෂයේ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එම විරෝධතා වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එහිදී සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ 'ප්ලොට්' සංවිධානයේ නායකත්වය දරන ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාත් ගජේන්‍ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුත් 'දෙමළ මහජන පෙරමුණ' ආදී දේශපාලන පක්‍ෂවල නායකයිනුත් එහි ක්‍රියාකාරීනුත් අදාල විරෝධතාවට පූර්ණ සහය ලබා දෙන බවට දැනුම් දී ඇති බවයි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වය දරන දෙමළ මහජන සභාව මගින් එළුඟ තමිල් විරෝධතා වැඩසටහන සංවිධාන කර ඇති අතර එහි ප්‍රධාන අරමුණු වී ඇත්තේ උතුරු පළාත තුළ සිංහල ජනතාව නැවත පදිංචි කිරීමට විරෝධය පළ කිරීම, බෞද්ධයන් නොමැති ස්ථානවල බුදුපිළිම ස්ථාපිත කිරීමට විරෝධය දැක්වීමයි.

ඊට අමතරව උතුරේ ඉඩම් ගැටලු විසඳීම, අවතැන් වැසියන් නැවත පදිංචි කරවීම, අතුරුදහන් වූවන් ගැන තොරතුරු සොයාදීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කරවීම යන කරුණු ඔස්සේ රජයට බලකිරීමට මෙම විරෝධතාව සංවිධානය කොට ඇත.

කෙසේවෙතත් මෙම විරෝධතාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන අතර මේ වන තුරුත් අදාල විරෝධතාවයට සහය පලකිරීමක්ද සිදු කොට නැති වීමද විශේෂත්වයකි.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment