හම්බන්තොට තරුණයා යළි රිමාන්ඩ්

හම්බන්තොට තරුණයා යළි රිමාන්ඩ්

හම්බන්තොට බඳගිරියේ වී ගබඩාවකින් වී සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ජී. ජී. ගයාශාන් නමැති තරුණයාටද ඔහුට දින 11 ක් තිස්සේ රැකවරණ සලසමින් රජයේ නිලධරයන්ට හා මාධ්‍යයට අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළැයි ඔහුගේ සහෝදරයන් වන ජි. ජි. සුරංග කුමාර, ජි.ජි. ලෝෂන් කුමාර, අක්කා වන ජි. ජි. නිමාලි ද සැප්තැම්බර් 30 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (21) නියෝග කළේය.

මෙම සිද්ධිය පිළිබඳව සිරස, දෙරණ හා හිරු නාළිකාවල ප්‍රවෘත්ති ප්‍රකාශන සමඟ විකාශනය කළ දර්ශන ද ඇතුළත් සංස්කරණය නොකළ විඩීයෝ පට පොලිසියට ලබාදෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එම ආයතනවලට තවත් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment