මෙවර කැම්පස් රෙජිස්ටර් වුණාම නැවත සෙකන්ඩ් ෂයි බෑ - ජපුර නව ඉංජිනේරු පීඨයටත් 150 ක්





නව අධ්‍යයන වර්ෂය සඳහා (2015/2016) විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසෙඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (20 වැනිදා) නිකුත් කරන ලදී.

මෙතෙක්‌ ඒ ඒ දිස්‌ත්‍රික්‌කයන්ගෙන් අදාළ පාඨමාලාවට ඇතුළත් වීමේ දිස්‌ත්‍රික්‌ ඉසෙඩ් ලකුණු නිකුත් කළද මෙවර ඒ ඒ දිස්‌ත්‍රික්‌කයන්ගෙන් අදාළ පාඨමාලාව පවතින විශ්වවිද්‍යාලයේ එම පාඨමාලාවට ඇතුළත් වීම සඳහා අවශ්‍ය ඉසඩ් ලකුණු නිකුත් කර තිබීම විශේෂත්වයකි. මෙම නව ක්‍රමය අනුව තමන් තේරී පත්ව ඇති විශ්වවිද්‍යාලය පහසුවෙන් දැන ගත හැකි වේ.

පසුගිය අධ්‍යයන වර්ෂයට සාපේක්‍ෂව මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය සංඛ්‍යාව සියයට දහයකින් ඉහළ දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුහු 26541 ක්‌ ද විශේෂ හා අතිරේක ප්‍රවේශය යටතේ සිසුහු 1062 ක්‌ ද වශයෙන් සිසුහු 27603 දෙනෙක්‌ මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනෙති.
උසස්‌ පෙළට අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් දොළොස්‌ දහසක පමණ පිරිසකගෙන් තාක්‍ෂණ පීඨ සඳහා සිසුහු 1825 දෙනකු මෙවර ඇතුළත් කර ගැනෙන අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ තාක්‍ෂණ පීඨය මෙවර ආරම්භ නොකෙරෙන අතර එම පීඨයට ඇතුළත් කිරීමට නියමිතව සිටි සිසුහු 150 දෙනා වෙනත් විශ්වවිද්‍යාලවල තාක්‍ෂණ පීඨවලට ඇතුළත් කෙරෙති.
ඉංජිනේරු තාක්‍ෂණවේදය, ජෛව පද්ධති තාක්‍ෂණවේදය, තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය, භෞතීය විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය, සාගර සහ මිරිදිය විද්‍යාව, ආහාර ව්‍යාපාර කළමනාකරණය සහ ඉංග්‍රීසි දෙවැනි භාෂාවක්‌ ලෙස ඉගැන්වීම යන නව පාඨමාලා මෙවර හඳුන්වා දී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ අලුතින් ආරම්භ කරන ලද ඉංජිනේරු පීඨය සඳහා සිසුහු 150 ක්‌ බඳවා ගැනෙති.
සියලුම පාඨමාලා සඳහා එකිනෙකට අනන්‍ය වූ කේතයක්‌ ලබාදී තිබේ. මෙම අධ්‍යයන වර්ෂයේ සිට සිසුන් තෝරාගැනීම සඳහා සලකා බැලෙන්නේ එම කේතයන් හා සිසුන්ගේ කැමැත්තය.
ඒ අනුව මෙවර ප්‍රතිඵල වලින් සිසුන්ට සරසවි සදහා ලියාපදිංචිවීමට අන්තර්ජාලය පමණක් භාවිත කරන්නට යයි උපදෙස් දී ඇත. අන්තර්ජාලයෙන් සරසවියක ලියාපදිංචිවූ පසු තමාට එසඑම්එස් මාර්ගයෙන් හා ඊමේල් මාර්ගයෙන් තහවුරු කිරීමක් සිදු කෙරේ.
මෙවර කිසියම් සිසුවෙකු සරසවියට තේරී ඇතිනම් ලියාපදිංචිය සිදු කරන්නට හෝ නැවත ලබන වර උසස් පෙළට පෙනී සිටීම යන දෙකින් එකක් පමණක් සිදු කළ යුතු බවත් කිසිවෙකු මෙවර ලියාපදිංචිවී නැවත ලබන වර ඊට වඩා හොදින් විභාගය කර සරසවි යන්නට අපේක්ෂා කරන්නට ඉඩක් නැති බවත් ලියාපදිංචිය එක් සිසුවෙකුට එක් අවස්ථාවකට පමණක් සීමා කරන බවත් දැනුම්දී තිබේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment