අයවැයෙන් පසු කැබිනට් සංශෝධනයක්: ජනපති - අගමැති අවසන් තීරණයට සූදානම් 

අයවැයෙන් පසු කැබිනට් සංශෝධනයක්: ජනපති - අගමැති අවසන් තීරණයට සූදානම් 

කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඉදිරි සති කිහිපය තුළදී පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.  

එහිදී කැබිනට් සංශෝධනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු මෙම සංශෝධනය සිදුවනු ඇති බවත් වාර්තාවේ.

මේ වන විට ඇතැම් අමාත්‍යාංශවල කටයුතු නිසි පරිදි සිදු නොවන බවත් ඇතැම් අමාත්‍යවරුන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳ විවේචන එල්ල වී තිබෙන බවත් සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

එමෙන්ම අමාත්‍යාංශ සඳහා විෂය පථය වෙන් කිරීම පිළිබඳ ගැටලු පවතින බවද සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. 

ඒ අනුව කැබිනට් සංශෝධනය පිළිබඳ අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමටද ජනාධිපතිවරයා එකඟවී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ අමෙරිකානු සංචාරයෙන් පසුව මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment