වල්ලපට්ටා හා කොකුම් පොතු සමඟ විදෙස් ජාතිකයින් 2ක් දැලේ

වල්ලපට්ටා හා කොකුම් පොතු සමඟ විදෙස් ජාතිකයින් 2ක් දැලේ

රුපියල් ලක්ෂ 10ක් වටිනා කොකුම් පොතු සහ වල්ලාපට්ටා කිලෝ ග්‍රෑම් 60ක් තම ගමන් මල්ලෙහි සඟවාගෙන හොංකොං හරහා චීනයට යාමට උත්සහ කළ චීන ජාතිකයින් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ ජෛව විවිධත්ව ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

38 හැවිරිදි මෙම සැකකරුවන් දෙදෙනා නේවාසික වීසා මත ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් මෙරට සමාගමක රැකියා කරන බවට රේගුව විසින් කරුණු අනාවරණය කොටගෙන අැත.

මොවුහු කැතී පැසිෆික් ගුවන් සේවයට අයත් සී. එක්ස් 610 දරණ ගුවන් යානයෙන් හොංකොං හරහා චීනය බලා යාමට අද (21) අළුයම කටුනායකට පැමිණ ඇති බව රේගුව සඳහන් කරයි.

රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් කටුනායකදී කොකුම් පොතු අත්අඩංගුවට ගත් දෙවැනි අවස්ථාව මෙයයි.

වල්ලාපට්ටා සහ කොකුම් පොතු සඳහා චීනයේ ඉතා හොඳ ඉල්ලුමක් ඇතැයිද මේවා එරට සුවඳ විලවුන්  නිෂ්පාදනය සඳහා ගෙන යන බවද රේගුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ පිළිබඳ රේගු පරික්ෂණය සිදුකළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ යූ. කේ. ඒ. ජී විජයසිංහ මහතා සැකකරුවන්ට රුපියල් 20,000ත දඩයක් නියම කර එම වල්ලාපට්ටා සහ කොකුම් පොතු රාජ සන්තක කිරීමට නියෝග කළේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment