නුවන් කුලසේකර අත්අඩංගුවට

නුවන් කුලසේකර අත්අඩංගුවට

කොළඹ-නුවර මාර්ගයේ කඩවත,රන්මුතුගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නුවන් කුලසේකර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නුවර සිට ‍සිය මෝටර් රථයෙන් කොළඹට පැමිණෙමින් සිටි නුවන් කුලසේකර පැමිණි රථයට රන්මුතුගල ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි 28 හැවිරිදි තරුණයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

‍තරුණයා ගමන් කරමින් සිටි යතුරුපැදියෙන් ඇදවැටීමෙන් පසු මෝටර් රථයට යටවී ඇති බව පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවන නුවන් කුලසේකර මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment