ලංකාවේ අනාගතය ධනාත්මකයි - බැන් කී මූන් (VIDEO)

ලංකාවේ අනාගතය ධනාත්මකයි - බැන් කී මූන් (VIDEO)

ශ්‍රී ලංකාව පශ්චාත් යුද ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා වැදගත් පියවර රැසක් ලබාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා ප්‍රකාශ කරයි.

මහලේකම්වරයා මේ බව කියාසිටියේ ඊයේ (20) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 71 වැනි සැසිවාරය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ මහලේකම්වරයා මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ප්‍රසාදය පළ කළ අතර මියන්මාරය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව හා සයිප්‍රසය යන රටවල අනාගතය වඩාත් ධනාත්මක බව කියාසිටියේය.

මෙම සැසිවාරයෙන් පසු මහලේකම්වරයා අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කේරි මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්පකමල් දාල් මහතා සමඟ ද ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

වීඩියෝව පහතින්

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment