පසුගිය රජය පැවති කාලයේදී මෙන් නොව වත්මන් රජය තුළ ඇමතිකම් දැරීමේදී සියලු ඇමතිවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලැබී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
එ් සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ,"හරීනුයි මමයි සර් කියන්නේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි. අපි වෙන කාටවත් සර් කියන්න යන්නේ නෑ. මම කැබිනට් එකේ ඉන්නකොට මහින්ද රාජපක්ෂ මහත්මයාට සර් කියන්න ඕන. බැසිල් රාජපක්ෂට සර් කියන්න ඕනි. ගෝඨාභය රාජපක්ෂට, චමල් රාජපක්ෂට සර් කියන්න ඕනි. මම කවදාවත් නාමල් රාජපක්ෂට නම් සර් කිව්වෙ නෑ. ඒකයි දිගටම මට කැපිල්ල දැම්මේ. අපි දෙන්නට දැන් ශක්තියක් තියෙනවා ස්වාධීනත්වයෙන් අපි දෙන්නගේ ඇමතිකම් දරන්න. ඒකයි මේ ආණ්ඩුවේ වෙනස" යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කඩිනමින් කටයුතු කරන බවත් එතෙක් ඉවසීමෙන් සිටීමට කටයුතු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත්ය.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment