ගෝටා විත්ති කූඩුවට නංවයි.. සහෝදරයා වෙනුවෙන් මහින්ද උසාවියට.. [Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණියේය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු 08 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙසේ අධිකරණය හමුවට පැමිණ තිබේ.

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු 08 දෙනෙකු මෙසේ අධිකරණය හමුවට පැමිණි සිටී. මෙම පිරිස ඇවන්ගාර්ඩ් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ දීම නිසා රජයට රුපියල් කෝටි 1.14ක පාඩුවක් සිදු වූ බවට අල්ලස් කොමිසම විසින් අදාල නඩුව පවරා ඇත.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment