සාම්පූර්හි යෝජිත ගල් අඟුරු බලාගාරය ඉදි නොකළහොත් මෙරට තුළ 2019 වනවිට විදුලි අර්බුදයක් ඇති වන බවත් යෝජිත බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පත්වුවහොත් එමගින් රටට වාර්ෂිකව රුපියල් බිලියන 10කට වැඩි මුදලක් අහිමි වන බවත් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම පමා කිරීම නිසා රටට රුපියල් බිලියන 900ක මුදලක් අහිමිවූ බවත් එම මුදල ඉතිරි කර ගැනීමට හැකියාව තිබුණේ නම් රට තුළ විශාල සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට තිබූ බවද එම සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.
පුනර්ජනනීය බලශක්ති ක්‍රම යටතේ සූර්ය බලය,සුළං බලය හා ස්වභාවික වායු මගින් විදුලි බලය උත්පාදනය කිරීමේ කටයුතුවලට යායුතු බවත් එවැනි කටයුතුවලට යෑමට නම් මුලින්හ රට සංවර්ධනය කළයුතු බවත් ඔහු පැවසීය.
රටේ ආර්ථිකය විදුලි බලය හා බැඳි පවතින බවත් එම කටයුතු සඳහා අඩු මුදලකට විදුලිය ලබාදිය යුතු බවත් සභාපතිවරයා අවධාරණය කළේය.
ඒ හේතුවෙන් අප සියලුම සංවර්ධන කටයුතු නවතා දමා කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම නතර කළ පමණින් ලෝකය ආරක්ෂා නොවන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා සාම්පූර් ගල් අඟුරු බලාගාරය ස්ථාපිත කරගැනීම සඳහා අරගල කිරීමට පවා සූදානම් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.
0 comments :
Post a Comment