ඌව මහ ඇමති අත්අඩංගුවට?


බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි පැවසෙන විශාල සමාජ ආන්දෝලනයකට මුහුණ දී සිටින ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා අද (22) බොහෝ දුරට පොලිසිය අත්ඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

එසේ අත්අඩංගුවට ගතහොත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.

පසුගිය 12 වැනිදා සිද්ධියට මුහුණු පෑ එම විදුහල්පතිනිය ඊයේ (21) දිනයේ මහඇමතිවරයාට එරෙහිව බදුල්ල පොලසියට පැමිණිල්ක් ඉදිරිපත් කළාය.

පසුව සිද්ධිය වු මහඇමතිවරයාගේ නිල නිවසද ස්ථාන පරික්ෂණයක් පොලිසිය විසින් සිදු කළ අතර පසුව විදුහල්පතිනිය අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාටද ඉදිරිපත් කර ඇත්තේ ඇය මේවන විට පත්ව ඇති පිඩාකාරි තත්වයත් සමගය.

මේ අතර ජනාධිපතිවරයා ඌව පළාත් මහ ඇමැතිවරයා සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඌව ආණ්ඩුකාරවරයාට ද නියෝග කර තිබේ.

පරීක්ෂණය පවත්වන කාලය තුළ මහ ඇමැතිවරයාට අයත් පළාත් අධ්‍යාපන ඇමැති ධූරය පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයා ඌව පළාතේ ආණ්ඩුකාරවරයාට දැනුම්දී තිබූ බවද මේ අතර වාර්තා වේ.

විරෝධතාවයක් !

මේ අතර, ඌව මහ ඇමති චාමර සම්පත් දිසානායක ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලය ඉදිරිපිට මේ වන විට දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඌව මහ ඇමති චාමර සම්පත් දිසානායක, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක, කැමරා ශිල්පී ප්‍ර‍සන්න පත්මසිරි, අමිල ක්‍රිෂාන්ත අතුළු පිරිස ගුරුවරිය දණ ගැස්සවීම, බලහත්කාරයෙන් ප්‍ර‍කාශ ලබා ගැනීම, අතවර කිරීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය සිදුකෙරේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment