බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට නීතිය අකුරටම - ජනපතිගෙන් මහින්දට සහතිකයක්!

බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට නීතිය අකුරටම - ජනපතිගෙන් මහින්දට සහතිකයක්!

බැඳුම්කර වංචාවට සම්බන්ධ සියල්ලන්ට තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කමිටුව සකස්‌ කළ වාර්තාව භාර ගනිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වාර්තාව නිසි ලෙස අධ්‍යයනය කර කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවැසූ බවද මහින්ද අමරවීර ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැති ඇමැතිවරුන්ගෙන් සමන්විත කමිටුවක්‌ පත්කරනු ලැබිණි.

බැඳුම්කර සිද්ධියේදී වංචාවක් සිදුව ඇතැයි අල්ලස් හෝ දුෂණ කොමිසමට මහින්ද අමරවීර ඇමතිවරයා පැමිණිල්ලක්ද ඉදිරිපත් කලේ ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment