දඩය 25000ක් වීමෙන් රියැදුරු බලපත්‍රය ගන්න අයට මොකද වුණේ? 

දඩය 25000ක් වීමෙන් රියැදුරු බලපත්‍රය ගන්න අයට මොකද වුණේ? 

රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය වෙත පැමිණෙන පිරිස වෙනදාට වඩා දෙගුණයක්‌ වී ඇතැයි එහි සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.

ඒ අනුව නුගේගොඩ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත මීට පෙර දිනකට පුද්ගලයන් 340-350 ක්‌ වැනි පිරිසක්‌ පැමිණියද මේ වන විට එම ප්‍රමාණය 700 ක්‌ පමණ වී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

25ක්‌ පමණ වන රටපුරා ඇති සිය ශාඛා කාර්යාලවලටද වෛද්‍ය වාර්තා ගැනීමට පැමිණෙන පිරිස දෙගුණයක්‌ වී ඇති බවද ඔහු සඳහන් කළේය.

රියැදුරු බලපත්‍රයක්‌ නොමැතිව රිය ධාවනය කළහොත් දඩ මුදල රුපියල් 25000 දක්‌වා මෙවර අයවැයෙන් ඉහළ දැමීම නිසා බොහෝ දෙනා වලංගු රියෑදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීමට පෙලඹීම නිසා මෙලෙස වෛද්‍ය වාර්තා ලබා ගන්නා පිරිස ඉහළ ගොස්‌ ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment