50 පැන්නත් බොඩි ෆිට් එකේ සිටි ශ්‍රී දේවී වසරකට ලක්ෂ 12 ක් ජිම් එකට වියදම් කළාලු


50 පැන්නත් ෆිට් එකේ සිටි ශ්‍රී දේවී
වසරකට ලක්ෂ 12 ක් ජිම් එකට වියදම් කළාලු

වයස 54 ක්ව සිටියදී හදිසියේ සමුගත් බොලිවුඩ් තාරකාව ශ්‍රී දේවී සම්බන්ධ පැතිර යන විවිධ ආරංචි අතර ඇගේ ශරීර සුවතාව ගැනද තොරතුරු පළවේ. නිතිපතාම ජිම් යමින් තමන්ගේ වයසට වඩා ළාබාල පෙනුමක් රැකගත් තැනැත්තියක වූ ශ්‍රී දේවි මේ ආකාරයට මියයාම ගැන සමහරු පුදුම වන අතර සැර මත් පැන් කටේ නොතියන බවටත් ඉඳහිට වයින් පමණක්
පානය කරන බවටත් ඇය ගැන ආරංචි තිබියදී ඇය මත්වී සිරුරේ සමබරතාව රැකගන්නට බැරිව යාම ගැන වඩාත් පුදුම වී තිබේ.
බොලිවුඩ් නිළියක ලෙස සමාජයේ

හැමවිට පවතින පිළිගැනීම හමුවේ ඇගේ රූ සපුව ගැන ඇය නිතර උනන්දු වූවා සේම ඇය ඇයටම ආවේණික ක්‍රමයෙන් ව්‍යායාම වල නිරතවූ බව බොලිවුඩ් විලාසිතා සඟරාවලට ඇය නිතර පවසා තිබුණි.
සියලුම බොලිවුඩ් නළු නිළියන්ට පාහේ නිල ව්‍යායාම පුහුණුකරුවෙකු සිටියත් ශ්‍රී දේවිට එවැන්නෙකු සිට නැත.
ඇය ඩේලි බෂ්කර් පුවත්පතට වරක් පවසා තිබුනේ මුම්බායිහි ජුහු නගරයේ පිහිටි JW Marriott’s නමැති තරු 5 ජිම් එකේ ඇය සාමාජිකාවක බවයි. වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ක් පමණ එහි සාමාජිකත්වය සඳහා ඇය ගෙවා තිබෙන අතර තමන්ටම ආවේණික ක්‍රමයට එහි නිදහසේ ගොස් ව්‍යායාම කළ බව ඇය පවසා තිබුණි.
එම ජිම් එක සාමාජිකයින්ට පැය 24 ම විවෘතව පැවති එකක් වූ අතර ශ්‍රී දේවී මුම්බායිහි සිටියදී දිනපතාම එහි ගොස් තිබේ.
ඇයට එහිදී නිල පුහුණුකරුවෙකු සිටියේ නොමැති බවත් ඇය යන අවස්ථාවේ භාර නිලධාරියාගෙන් පුහුණු උපදෙස් ලබාගත් බවත් පවසා ඇත.
මේ අතර ශ්‍රී දේවිගේ එක් දියණියක වන ජානවී කපූර් ශ්‍රී දේවිගේ ඇවෑමෙන් බොලිවුඩ් සිනමාවට සම්බන්ධ කිරීමට ශ්‍රී දේවිට අදහසක් පැවති නිසා ඇයට බොලිවුඩය හා සම්බන්ධතා ගොඩනගාගැනීමේ අටියෙන් නිල බොලිවුඩ් ව්‍යායාම පුහුණුකාරියක වූ යෂ්මින් කරචිවාලා යොදවා තිබූ බවද වාර්තාවිය. කත්‍රිනා කයිෆ්, ආලියා බාත් හා කරීනා කපූර්ගේ පුහුණුකාරිය වූයේද ඇයයි.  ශ්‍රී දේවිගේ දියණිය ජානවී Dhadak නමැති චිත්‍රපටයෙන් දැනටමත් සිනමාවට පිවිස සිටින්නියකි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment