ශ්‍රී දේවීගේ මරණය ඝාතනයක් - වහාම පරීක්ෂණ කරන්න - බීජේපී නායක සුබ්‍රමනියම් ස්වාමි

ඉන්දියාවේ ඒඑන්අයි නාලිකාව වෙත සුපිරි නිළි ශ්‍රී දේවිගේ සැක සහිත මරණය ගැන ප්‍රකාශයක් සිදු කළ භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි ඇය ඝාතනය කර ඇති බව ප්‍රකාශ කර සිටී.
54 හැවිරිදි ශ්‍රී දේවී සැර මත්පැන් පානය නොකරන බව ප්‍රකටවී තිබෙන කරුණක්ව තිබියදී මේ ආකාරයට මත්පැන් නිසා සිහිසුන්ව දියේ ගිලීම ප්‍රහේලිකාවක් බව ඔහු පවසයි.
සඳුදා ඩුබායි

පොලීසිය වාර්තා කර ඇති පරිදි, ඩුබායිහි හෝටල් කාමරයේ නාන කාමරයේ ඇය  අහඹු ලෙස දියේ ගිලී මියගොස් ඇති අතර ඇගේ ස්වාමියා එම අවස්ථාවේ කාමරයේ සිටි බවද වාර්තා කර තිබුණි.
නාන කාමරය තුළ දියේ ගිලීම අතිශයින්ම විශ්වාස කරන්නට අපහසු කථාබවක් බවත් කිසිවෙකු තල්ලු කර මේ මරණය වූවා විය හැකි බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත් මෙම මරණය පිළිබඳ වාර්තා අඩුපාඩු සහිත බවත් හෝටලයේ සීසීටීවී කැමරා වලින් කවරක් පැවසෙන්නේද යන්නද පැහැදිලි නැතැයි සුබ්‍රමනියම් විමසයි.
මරණය ගැන සැකසංකා තිබියදී එයට හේතු දක්වන්නට වෛද්‍යවරුන් ඉක්මන්වීම පුදුම බව පෙන්වා දෙන ඔහු හෘද රෝග ඉතිහාසයක් හෝ නැති ඇයට හෘදයාබාධයකින් මිය ගියා යයි වාර්තා කිරීම කාගේ උවමනාවට සිද්ධ වූවක්දැයි විමසා සිටී.
    මෙම සිද්ධිය සඳහා තවත් නැඹුරුවක් ඇති බවත් "සිනමා නිළිය" හා පාතාල ලෝක ඩොන් ඩාවුඩ් ඉබ්රාහිම් අතර සබඳතාවය කෙරෙහි අවධානය යොමු විය යුතු බත්ව ස්වාමි පෙන්වාදෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment