බුදු සසුනට පිවිසි තරුණ සුන්දර කාන්තාව චතූ ගැන අපූරු සටහනක්

බුදු සසුනට පිවිසි තරුණ සුන්දර කාන්තාව
චතූ ගැන අපූරු සටහනක්

බුදු සසුනට පිවිසි තරුණ සුන්දර කාන්තාවක ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විස්තර පළවේ. ඇයගේ සම්පූර්ණ නම හෙළි කර නැතත් චතූ නමින් හඳුන්වන ඇය ගැන කෙටි විස්තරයක් තිබේ.කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස නිමවා, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඇගලුම් සම්බන්ධ උපාධියක් ලබාගෙන, "මාස් හෝල්ඩින්ග්ස්" ආයතනයේ ඉහල පෙලේ රැකියාවක් කරන ලද ඇය පසුව
බුදු දහම වෙනුවෙන් ජීවිත කාලයම කැපකරන්නට සසුන් ගතවූ බව එම විස්තරයයි.පවුලේ බාලයා වූ ඇගේ තීරණයට පවුලේ දෙමාපිය සහෝදර සහෝදරයින්ද කැමැත්ත දක්වා ඇත.
රුපශ්‍රීයෙන්, උගත්කමින්, සමාජශීලී බවින් අඩුවක් නොමැති ඇය, සින්දුවට, නැටුමට, බෙරයටද ගිටාරයටද උපන් හපන්කම් දැක්වූ බවද වාර්තාවේ.
ඇය අතුරුගිරියේ "ධම්ම සුඛිතා" අනගාරිකා මෑණියන් ලෙස සසුන වෙනුවෙන් මේ වනවිට කැපවී සිටී.
ඇය ගැන සමාජ මාධ්‍ය තුළ සටහන් තබා ඇත්තේ පහත කවියද සමගිනි.

අනෙක කම්සුව සොයන ලොව් තුල
නුඹ විරාගී වුනා පුදුමයි....


පාරමී පුරන්නෙමි
සසර කතරින් එතෙර වන්නට
ආශාවන් පසුපස
ලුහු බැන්ද මගේ සිත
පසක්කර දුනි
මායාවක් බව දිවිය
කම් සැප හැර දමා
පිය නගමි සසුන වෙත
සදහම් සරණ ගොස්
පහදගන්නෙමි මගෙ සිත
සියලු බැමි බිඳ දමා
සොයමි බුදු හිමිගෙ මග
සැහැල්ලුය ජීවිතය
නසන්නෙමි සසර දුක....

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment