අද 22 දවල් සිංගප්පූරු අගමැතිගේ පැමිණීම හේතුවෙන් ට්‍රැෆික් වැඩිවන මාර්ග


තෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අද (22) පස්වරු 1.20ට පමණ දිවයිනට පැමිණීමට නියමිත ඇත. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව
මැදපාර Shangri-La හෝටලය වෙත

ගමන් කරන බැවින් එම කාලය තුළ එම මාර්ගයන් හි වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව කැලණි පාලම, බේස්ලයින් පාර, බණ්ඩාරනායක හන්දිය, ඔරුගොඩවත්ත හන්දිය, ඉංග්‍රම් හන්දිය, බොරැල්ල හන්දිය, ඩී.එස්. සේනානායක හන්දියෙන් දකුණට හැරී හෝර්ටන් පෙදෙස, හෝර්ටන් වටරවුම, ආනන්ද කුමාරස්වාමී මාවත, පුස්තකාල වටරවුම, මල්පාර හන්දිය, ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් පාර, ශාන්ත මයිකල් වටරවුම, ගාලු පාර , ශාන්ත මයිකල් හන්දිය, ගාලු මුවදොර වටරවුම, ගාලු මැදපාර ඔස්සේ Shangri-La හෝටලය වෙත ගමන් කිරීමට නියමිතව ඇත.

එබැවින් මෙම කාලය තුළ ඉහත මාර්ගයන් හි වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment