යාපනයේ සිට මන්නාරමටත්, මන්නාරමේ සිට කුරුණෑගල හරහා කොළඹට සහ මන්නාරම සිට වව්නියාව හරහා ත්‍රිකුණාමලය දක්වාත් මංතීරු 04ක ප්‍රධාන මාර්ග පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේදී ඉන්දීය මාර්ග හා ප්‍රවාහන අමාත්‍ය නිතින් ගත්කාරි මහතා හමුවූ අවස්ථාවේය.
එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ එවැනි මාර්ග පද්ධතියක් ඔස්සේ උතුරු නැගෙනහිර සංවර්ධනයට හා සම්බන්ධතාවයනට අති මහත් රුකුලක් ලැබෙන බවයි.
ඉන්දීය මාර්ග හා ප්‍රවාහන අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ එවැනි මාර්ග පද්ධති ඉදිකිරීම සම්බන්ධව ඉන්දියාවට සහය ලබා දිය හැකි බව සඳහන් කොට තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර ඇත්තේ ඉතා ඉහළ තාක්‍ෂණයකින් යුතුව දීර්ඝ මාර්ග පද්ධති ශක්තිමත්ව හා කල්පවතින අයුරින් ඉදිකිරීමේ තාක්‍ෂණය තමන් සතු බවත් සිමෙන්ති සහ කොන්ක්‍රීට් යොදා ගනිමින් ඉදි කෙරෙන මාර්ග වසර 50 ක් පුරා කිසිදු නඩත්තුවකින් තොරව භාවිත කළ හැකි බවත්ය.
ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳන කළ මාර්ග ඉදිකිරීමේ ඉන්දීය තාක්‍ෂණය මිළ අධික නොවන බව ද ඔහු එහිදී අවධාරණය කොට ඇත.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, පස් අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයීය අමාත්‍ය කපිල ෆොන්සේකා යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.
0 comments :
Post a Comment