විමල්ගේ 4කට ප්‍රභූ ආරක්ෂාව දීලා - හිටපු පොලිස්පති ජනපති කොමිසමට කැඳවයි 

විමල්ගේ 4කට ප්‍රභූ ආරක්ෂාව දීලා - හිටපු පොලිස්පති ජනපති කොමිසමට කැඳවයි 

හිටපු පොලිස්පතිවරයකු වන මහින්ද බාලසුරිය මහතා ලබන 10 වනදා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා තිබේ.

එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ නීත්‍යානුකූලව පොලිස් ආරක්ෂාව ලබාදීමට කිසිසේත්ම හිමිකමක් නොමැති ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් සිව් දෙනෙකුට ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂාව ලබාදීම පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගැනීමට මහින්ද බාලසුරිය මහතාව කැඳවා ඇති බවයි.  

ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන උදය පද්මශාන්ත, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන්ට ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂකයින් පහළොස් දෙනෙකුගේ ආරක්ෂාව ලබාදී තිබුණ බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

වසර 2010 සිට වසර 2015 ජනවාරි දක්වා මේ අය වෙනුවෙන් ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂකයින් යෙදවීම හේතුවෙන් රජයේ මුදල් රුපියල් කෝටි තුනක් පමණ වැටුප් සහ දීමනා වෙනුවෙන් වැය කර තිබෙන බවත් විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment