ජනතාවට ඖෂධ මිලෙහි වාසිය ලැබෙනවාදැයි විමර්ශනයක්

ජනතාවට ඖෂධ මිලෙහි වාසිය ලැබෙනවාදැයි විමර්ශනයක්

ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමෙහි වාසිය ජනතාවට ලැබෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඇතැම් ඖෂධ වර්ග ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ මිලට ජනතාවට මෙතෙක් දිවයින පුරා ඖෂධ වෙළෙඳසැල් වලින් ලබාගැනීමට නොහැකි බවට පාරිභෝගික ජනතාව ඉදිරිපත් කර ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම විර්ශනය ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව වෙළඳපොළේ පවතින ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා පසු විපරම් වැඩපිළිවෙළක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට ද තීරණය  කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඖෂධ තොග සඟවා ඖෂධ හිඟයක් ඇති කිරීම වැලැක්වීමේ අරමුණින් දේශීය ආනයනකරුවන්ගේ ඖෂධ ගබඩා පරීක්ෂා කිරීමට ද නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment