ශ්‍රිලනිපයට පිටින් ගියොත් අයවැයට ඡන්දය නෑ

ශ්‍රිලනිපයට පිටින් ගියොත් අයවැයට ඡන්දය නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා සැලකිල්ලට නොගෙන සකස්වන අයවැයකට තම පක්ෂයේ අත් නොඑසවෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 09 වනදා අගුණකොලපැලැස්සේ පැවති ජන හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන අයවැය ශ්‍රීලනිපයේ යෝජනාත් සැලකිල්ලට ගෙන නිර්මාණය වන අයවැයක් බවත් තම පක්ෂයේ යෝජනාවලට පිටින් යන්නේ නම් ඊට තම සහය කිසිසේත්ම නොලැබෙන බවත්ය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා," ජනතාවට අහිතකර දේවල් වලට අපේ අත් එසවෙන්නේ නැහැ. ගොවියාට කම්කරුවාට එරෙහි වන අණ පනත් වලට ඇමතිකම් දැරුවත් අපි අත් උස්සන්න සූදානම් නෑ. පක්ෂය කැඩීම සදහා ජනාධිපතිවරයාගේ පැත්තෙන් හෝ අපේ පැත්තෙන් කිසිදු සාධකයක් ගොඩනගන්නේ නැහැ. පක්ෂය කඩාගෙන යන්න කාට හෝ අවශ්‍ය නම් අපිට කරන්න දෙයක් නෑ." යි පැවසීය.

පක්ෂයට එරෙහි වන්නන් සදහා විනය ක්‍රියා මාර්ග ගත්තහොත් පක්ෂය දෙකඩ වෙන බවත් තමාගේ කාර්යභාරය වන්නේ පක්ෂය දෙකඩ කිරීම සදහා පියවර ගැනීම නොව පක්ෂය එකතු කිරීමට කටයුතු කිරීම බවත් ඇමතිවරයා මෙහිදී කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සදහා පක්ෂය දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් මෙම මාසය අවසන් වීමට පෙර නව කාඩ් පත් ක්‍රමයක් හදුන්වා දෙන බවත්ය.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment