වරාය අධිකාරයේ සේවක රක්ෂණය MBSL නැමැති රක්ෂණ සමාගමකට ලබාදීම හරහා අර්ජුන රණතුංග ඇමතිවරයාට අයත් P and A නැමැති රක්ෂණ හා බ්‍රෝකර් සමාගම රුපියල් කෝටියකට ආසන්න කොමිස් මුදලක් ලබාගෙන ඇතැයි වරාය සේවකයෝ චෝදනා කරති.
මෙම සේවක රක්ෂණය මිලදී ගත් සමාගම මේ වන විට වසා දමා ඇති අතර, අදාල රක්ෂණය වෙනත් සමාගමකට විකුණා දැමීමට සූදානම් වන බවද වාර්තා වේ. අදාල රක්ෂණ සමාගම වරාය සේවක රක්ෂණය මිලදී ගෙන ඇත්තේ පසුගිය අගෝස්තු 01 වෙනිදා සිටය. සමාගම වසා දමා ඇත්තේ පසුගිය ඔක්තොම්බර් 05 වැනිදායි.වරාය සේවකයෝ 10000ක් පමණ සිටින අතර, ඔවුන් සියලූ දෙනාම අදාල රක්ෂණයට ඇතුලත්වීම අනිවාර්්‍යය වේ.
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙම රක්ෂණය කි‍්‍රයාත්මක වුණේ ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව හරහාය. පසුව එය අර්ජුන රණතුංග ඇමතිවරයාගේ රක්ෂණ සමාගම හරහා මෙම සමාගමට විකුණා දැමූ අතර, වරායේ රක්ෂණ වර්ෂයක් ලෙස සැලකෙන්නේ කලින් වසරේ අගෝස්තු 01 වෙනිදා සිට ඊලග වසරේ අගෝස්තු 01 වෙනිදා දක්වාය. රාජ්‍ය රක්ෂණ සමාගමක් සතුව තිබූ වරාය සේවක රක්ෂණය මෙලෙස පෞද්ගලික අංශයට විකිනීම හරහා වාර්ෂිකව විශාල කොමිස් හුවමාරුවක් ඇතිබව පවසන වරාය සේවකයෝ අර්ජුන රණතුංග ඇමතිවරයා ඊට සෘජුවම සම්බන්ධ බවට චෝදනා කරති. මෙවර ඔහු ලබාගෙන ඇති කොමිස් මුදල රුපියල් ලක්ෂ 99කි.
P and A සමාගම අර්ජුන රණතුංග ඇමතිවරයාගේ පෞද්ගලික සමාගමකි. එහි ප්‍රධාන විධායක වන්නේ ඔහුගේ සොයුරු සංජීව රණතුංග මහතායි. සංජීව රණතුංගගේ බිරිද වන එලීටා රණතුංග මහත්මියද එහි අධ්යක්ෂවරියකි. මීට පෙර එම තනතුරු දැරුවේ අරජුනගේ බිරිද සමදරා රණතුංග හා ඇයගේ සහෝදරයායි. අර්ජුනගේ අනියම් සබදතා නිසා සමදරා රණතුංග මහත්මිය අර්ජුන රණතුංග මහතාගෙන් වෙන්වී ජීවත්වේ. සමදරා රණතුංග යනු අර්ජුනගේ මවගේ අයියාගේ දියණියයි. නැතහොත් ඇවැස්ස නෑනායි.
උපුටා ගැනීම : Lanka News Web Today
0 comments :
Post a Comment