‘තොල් පෙති අතරින්‘ෂූටින් කරපු මන්ත්‍රී නිවස මාට්ටු වුනේ සයිකල් නම්බර් එකක් නිසා


‘තොල් පෙති අතරින්‘ෂූටින් කරපු මන්ත්‍රී නිවස 
මාට්ටු වුනේ සයිකල් නම්බර් එකක් නිසා

පසුගියදා ‘තොල්පෙති අතරින්’ නමැති වැඩිහිටියන්ට සුදුසු ඩීවීඩී චිත්‍රපටයක් නිර්මාණය කළ පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වූණා. එම නිර්මාණකරුවන් කවුදැයි පොලිසිය හඳුනාගෙන ඇත්තේ බයිසිකල් අංකයක ඔත්තුවක් නිසා බව දැන් අනාවරණයවී තිබේ.
වැඩිහිටියන්ට පමණක් වූ මේ චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ නැරඹූ දහස් ගණනක් අතර සිටි වේයන්ගොඩ තරුණයෙකුගේ විශේෂ අවධානයට
මේ චිත්‍රපටය ලක්වීම එහි ආරම්භයයි. ඔහු එම චිත්‍රපටයේ යම් තැනක දැකගත් යතුරු පැදියක් නිසා මේ සියල්ල අනාවරණයවී ඇත. එම යතුරු පැදියේ අංකය ඔහුට හොඳට දැක පුරුදුය. ඒ නිසාම ඔහු ඒ ගැන සොයන්නට ගත්තේය.
වැඩි කාලයක් ඒ සඳහා ඔහුට ගත කිරීමට අවැසි නොවීය. යතුරු පැදිය කාගේ එකක්දැයි මතකයට ආවේය.

ඒ වේයන්ගොඩ කූරිකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටින හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු නිතර යන එන එකකි. ඒ ගැන ‍පොලීසියට කියන්නට ඔහු සිතුවේය. තම අනන්‍යතාව හෙළිනොකරමින් ඔහු තමා සොයාගත් දේ කියන්නේ වේයන්ගොඩ ‍පොලීසියටය. ඒ දුරකථන ඇමතුමකි.
ඇමතුම දුන්නේ කවුරුන්දැයි වේයන්ගොඩ ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක චන්දන කුමාර සොයන්නට ගියේ නැත.  ඔහු තම ‍පොලිස් ප්‍රධානියා වූ ගම්පහ කොට්ඨාසයභාර ‍පොලිස් ප්‍රධානියා වූ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල ඇමතුවේය. ලද දුරකථන ඇමතුම ගැන කීවේය. මුදිත පුස්සැල්ලගෙන් ලැබෙන්නට වූ උපදෙස් අනුව යමින් චන්දන සිය සගයන් වූ උප ‍පොලිස් පරීක්ෂක සුනිල්, කාන්තා ‍පොලිස් කොස්තාපල්වරියන් වන මල්කානිත්, ප්‍රදීපා සහ කොස්තාපල් පද්මසිරි සමග එක්ව මුලින්ම සොයන්නට වූයේ අදාළ චිත්‍රපටයයි. අන්තර්ජාලයේ සැරි සැරූ ඔවුන් එකී චිත්‍රපටය සොයා ගත්තේ වැඩි වෙහෙසකින් තොරවය.
එකී චිත්‍රපටයේ නළුවන් දෙදෙනෙකි. එක් නිළියකි. නිළිය නිරුවතින් සිටින අවස්ථා කිහිපයකි. වරක ඇය බටහිර අසභ්‍ය චිත්‍රපටයක් නරඹමින් නිරුවත්වන අවස්ථාවකි.

තවත් වරක් ඇය නාන කාමරයේ නිරුවතිනි. ඇඳුම් උනා ඇය නිරුවත්වන මෙන්ම නළුවන් සමග නිරුවතින් සිප වැළඳගෙන රමණයේ යෙදෙන අවස්ථාද එහි ඇත්තේය.
මේ චිත්‍රපටය ඒ වන විට අන්තර්ජාලයේ සැරිසරමින් තිබුණාට ඒ ගැන තොරතුරු ලැබුණා මිස ‍පොලීසියට පැමිණිල්ලක් එතෙක් ලැබි තිබුණේ නැත. එබැවින් පැමිණිල්ලක් නොමැතිව පරීක්ෂණයක් පැවැත්වීම නීතිමය වශයෙන් ගැටලුවක් ගෙන දෙන්නට විය. එය එසේ යැයි කියා ‍පොලීසිය ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකර සිටියේ නැත. චිත්‍රපටය රූගතකර ඇත්තේද මන්ත්‍රීවරයාගේ නිවසේ බව අනාවරණය වන්නේ එවිටය. ඒ ගැන මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කරන විට ඔහු ‍පොලීසියට පැමිණිල්ලක් කරන්නට ඉදිරිපත්වන්නේ චිත්‍රපටයක් රූගත කිරීමට යැයි කියා මාස දෙකකට තමාගෙන් ඉල්ලාගත් නිවසේ අසභ්‍ය චිත්‍රපටයක් රූගතකර ඇති බව කියමිනි. ‍
පොලිස් විමර්ශන එතැන් සිට ඇරඹෙන්නේ ඒ පැමිණිල්ල මුල්කරගෙනය. එම චිත්‍රපටය රූගත කිරීමට තම දෙමහල් නිවසේ ඉහළ මහල දුන්නේ චිත්‍රපටය අසභ්‍ය බව නොදැන බව මන්ත්‍රීවරයා පැවැසූවත් එය කොතරම් විශ්වාස කළ හැකි දැයි ගැටලුවක් ‍පොලීසියට පැන නොනැගුණද නොවේ. එහෙත් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට නොයා මන්ත්‍රීවරයාගේ තොරතුරු ඔස්සේ මුලින්ම අල්ලා ගන්නේ නිෂ්පාදකවරයාවය. නළුවන් දෙදෙනා සහ නිළිය අත්අඩංගුවට ගන්නේ පසුවය.

තොරතුරු- ගයාන් කුමාර වීරසිංහ
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment