මධ්‍යම අධිවේගයේ දෙවන කොටසේ ඉදිකිරීම් අද අරඹයි

මධ්‍යම අධිවේගයේ දෙවන කොටසේ ඉදිකිරීම් අද අරඹයි

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන කොටසේ ඉදිකිරීම් අද (06) ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන කොටසේ (CEP Project- 2) ඉදිකිරීම් කටයුතු අද දිනයේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරිඋල්ල, බෝයවලාන මංසන්දියේදී ආරම්භ කෙරේ.

කොටස් 4ක් යටතේ ඉදිකරනු ලබන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් මේ වන විටත් සිදු වෙමින් පවතී. 

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන අදිරයට වන පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ සහ සිව්වන අදියර වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ද ඉතා කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. 

මෙම සමස්ත ව්‍යපෘතිය වසර 3ක් තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment