එ.ජා.ප. ප්‍රබලයන් මහ රෑ ජනපති සමඟ සාකච්ඡාවක

එ.ජා.ප. ප්‍රබලයන් මහ රෑ ජනපති සමඟ සාකච්ඡාවක

ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පක්‍ෂයේ ඉහළ පෙළේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් පසුගිය 25 වැනි අඟහරුවාදා පවත්වා තිබේ.

ජනාධිපති නිල නිවෙසේ පැවැත්වී ඇති මෙම විශේෂ හමුවට එ.ජා.ප.ය නියෝජනය කරමින් මලික් සමරවික්‍රම, කබීර් හෂීම් ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාගි වී ඇති බව දැනගන්නට තිබේ.

මධ්‍යම රාත්‍රිය ආසන්න වන තෙක් පැවැත්වී ඇති මෙම හමුවේදී දෙපාර්ශ්වය ඉතා සුහදව අදහස් හුවමාරු කරගෙන ඇති බවත් පැවැති මතගැටුම් සියල්ලම පාහේ නිරාකරණය කර ගෙන ඇති බවත්දැ වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment