ඇමරිකානු ජනපතිවරණයට දින කිහිපයක් තිබියදී හිලරිගේ ඊමේල් මගඩියක් එළිවේ


ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඊමේල් අවභාවිතයක් සිදුකර ඇති බවට FBI ආයතනය කළ අනාවරණයක් නිසා මේ වනවිට ඇමරිකාවේ ආන්දෝලනයක් හටගෙන තිබේ.
එරට ජනපතිවරණයට දින කිහිපයටක්


පමණක් තිබියදී මෙම හෙළිදරව්ව සිදුව ඇති නිසා ඇයට දේශපාලන වශයෙන් සිදුව ඇත්තේ බරපතල පාඩුවකි.
ඇය ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ අවධියේදී තම පෞද්ගලික ඊමේල් ගිණුම භාවිත කරමින් අතිශය රහසිගත ඊමේල් පණිවුඩ හුවමාරු කිරීම මෙම චෝදනාවයි.
මින් ඉහත විකිලීක්ස් හරහාද ඇයගේ ඊමේල් ගැන හෙළි කිරීම් සිදු කර තිබුණි.මෙම පුවත එරට කොටස් වෙළෙඳ පොළේ පවා යම් පහළ යෑමක් පෙන්නුම් කළ බව වාර්තා කර ඇත.
 රිපබ්ලිකන් අපෙක්ෂකත්වය දරණ ඩොනල්ඩ් ට්‍රම්ප්හට පාවෙන ඡන්ද ලබාගැනීමට මෙය අනගි අවස්ථාවක්වී ඇතැයිද කියැවේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment