බිරිඳ පිටුපෑවයි කියා සැමියා බ්ලේඩ් තලේ ගිලලා

පවුල් ආරවුලක් මත තමා සමග අමනාපව මාස දෙකක් තිස්සේ මහගෙදරට වී සිටින බිරිය හමුවී තරහ මරහ අමතක කර ගෙදර යමු යැයි කළ යෝජනාව බිරිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා දුකට පත් සැමියෙක් ඇය
ඉදිරිපිටදී අතේ පස්පොළක් කපාගෙන එම බ්ලේඩ් තලය ගිලදැමූ පුවතක් නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙයට මාස 6කට පමණ පෙර විවාහ වී සිටි යුවළකට මේ අබැද්දිය මතුව ඇත.


නුවරඑළිය නගර මධ්‍යයේදී ඉකුත් 4දා මෙම කලබලය ඇතිවීමෙන් පසු බිරිය විසින් සැමියා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබිණි.
රාගල පදිංචිකරුවකු වූ අරක්කැමි රැකියාව කරන ඔහු මේ කියන කඳපොළ තරුණිය සමඟ වසර දෙකක් තිස්සේ පෙම් සබඳතා පවත්වාගෙන ගොස් දෙපාර්ශ්වයේම කැමැත්ත මත විවාහ වී තිබිණි.
විවාහ වී මාසයකින් දෙකකින් පසු ඇතිවන අඬදබර වැඩිවීම නිසා ඇය මීට මාස 2කට පමණ පෙර ඔහු හැර දමා ඇයගේ මවුපියන් ළඟ පදිංචියට ගොස් සිට ඉකුත්දා කඳපොළ පොලිසියට පැමිණිල්ලක් කොට තිබී ඇත.
ඉන් පසු ඔහු ඇයට දුරකතන ඇමැතුමක් දී නුවරඑළිය නගරයට ගෙන්වාගෙන පවසා ඇත්තේ ආදරය කරල බැඳපු අපි පොලිසි යන්නේ මොකටද අපි පසුගිය දේවල් අමතක කරලා අපේ ගෙදර ගිහින් ඉමු යනුවෙනි.
කොතෙක් ආයාචනා කළත් ඇය ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා දුකට පත් ඔහු එතෙක් වෙලා සඟවාගෙන සිටි බ්ලේඩ් තලයක් එළියට ගෙන සිය දකුණු අත පස්පොළකින් කපාගෙන අනතුරුව බ්ලේඩ් තලය බිරිය බලා සිටියදීම කටේ දමාගෙන සපා ගිල දැමූ බව ඔහු විසින් පොලිසියට පවසා ඇත.

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment