16 හැවිරිදි ශ්‍රි ලාංකික දැරියක් සිංගප්පූරුවේ ගණිකා වෘත්තීයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගැනිමට සිංගප්පූරු ආරක්ෂක අංශ සමත්ව තිබෙන බව සිංගප්පූරුවේ ස්ට්‍රෙයිට් ටයිම්ස් පුවත්සේවය වාර්තා කළේය.
පසුගිය වසරේ අගෝස්තු මස 6 වැනිදා අවුරුදු 16ක දැරිය අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර ඇය අත්අඩංගුවට ගන්නා දිනය වනවිට දින 12ක් තුළ ඇය ගණිකා සේවය පුද්ගලයන් 207ට ලබාදී ඇත. මූල්‍යමය අර්බුදයකට ලක්ව ඇති පවුලක දැරියක් වෙන ඇය සිංගප්පූරුවට ගෙන්වා ගෙන ඇත්තේ ශ්‍රි ලංකාවේ ඇයගේ අසල්වැසියන් දෙදෙනෙකු විසින් බවටද තොරතුරු අණාවරණය කරගෙන ඇත.
සිංගප්පූරුව තුළදී මසකට ගණිකා සේවයෙන් සිංගප්පූරු ඩොලර් 1400ක් පමණ උපයාගත හැකි බව පවසමින් ඇයව සිංගප්පූරුවට ගෙන්වාගෙන පසුව ගණිකා සේවයට යොමුකර තිබේ.
අදාළ දැරිය තම පියා හා ආච්චි සමගින් මෙරට වාසය කර ඇති අතර මෙම දැරියගේ ආච්චි කෙනෙක් උදර පිළිකාවකින් පෙළෙන අතරම පියා අධි රුධිර පීඩනයෙන් පීඩා විදින බවත් සිංගප්පූරු පොලීසිය තොරතුරු අණාවරණය කර තිබේ.
මෙම දැරිය 2015 වසරේ ජුලි මාසයේදී සිංගප්පූරුවට පැමිණ ඇති අතර ඇයත් සමග එච්.එල්.පුෂ්ප සුරංග නම් 29 හැවිරිදි පුද්ගලයෙක්ද පැමිණ ඇති බවත් තරුණිය අත්අඩංගුවට ගත් දිනසේ ඔහු සිංගප්පූරුවෙන් පිටව ගොස් තිබෙන බවටත් තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
ඔහු සිංගප්පූරු පොලිසියට අවශ්‍ය පුද්ගලයෙකු බව එම පුවත් සේවය වාර්තා කළේය.
0 comments :
Post a Comment